ක්ෂය රෝග මර්ධන හා ලයරෝග පිළිබඳ ජාතික වැඩසටහන, ගෝලීය අරමුදල එක්ව මිලියන 07 ක වටිනාකමකින් යුත් AI තාක්ෂණයෙන් බලගැන්වූ ඩිජිටල් එක්ස් රේ යන්ත්‍රයක් සහිත ඒකකයක් 29 වනදා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ජානක සෝමරත්න, ක්ෂයරෝග මර්ධන හා ලයරෝග පිළිබඳ ජාතික වැඩසටහනෙහි අධ්‍යක්ෂිකා වෛද්‍ය ආර්.ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය හා ගෝලීය අරමුදලේ නියෝජිත නිලධාරි මදූක රූපසිංහ මහත්මාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදුකෙරිණා.
මෙම යන්ත්‍රය මඟින් ඉතාමත් පහසුවෙන් ඉක්මනින් ක්ෂය රෝගීන් හඳුනාගෙන expert පරීක්ෂාව සඳහා යොමු කිරීමේ හැකියාව පවතින බව රෝහල් අධ්‍යක්ෂක ජානක සෝමරත්න මහතා පැවසුවේ.
වසරකට ශ්‍රී ලංකාව තුළ ක්ෂය රෝගීන් 9500ක් පමණ වාර්තා වන අතර, මහනුවර දිස්ත්‍රික්කය තුළ වසරකට රෝගීන් 600 කට ආසන්න පිරිසක් වාර්තා වනවා.
නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වලට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය අනුව ලක්ෂයකට රෝගීන් 62 ක් පමණ හඳුනා ගැනීමට අවශ්‍ය වන බවයි.
ඒ අනුව වසරකට රෝගීන් 14500ක් පමණ හඳුනා ගත යුතු නමුත්, මේ වන විට හඳුනාගන්නේ රෝගීන් 9500ක් පමණයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක හා රට තුළ හමුවන ක්ෂය රෝගීන් පිළිබඳ අතර වෙනස හැකිතාක් අඩුකර ගැනීම රෝගීන්ගේ පරීක්ෂණ වැඩි කිරීමට මෙවැනි යන්ත්‍ර ඉතාමත් අත්‍යවශ්‍ය බවත් බෝවන රෝගයක් වන ක්ෂය රෝගය අවදානම් කලාපයක් වන වතුකර ජනතාව ජීවත් වන ප්‍රදේශයක පැවති මෙම රෝහලට මෙම යන්ත්‍රය ලබාදීමට හැකිවීම පිළිබඳ තමන් සතුටු වන බවත්, ක්ෂය රෝග මර්ධන ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂිකා ආර්. ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය පැවසුවේ.
එසේම හෝමාගම, වතුපිටිවල රෝහල් සඳහාද මෙවැනිම එක්ස් රේ යන්ත්‍ර ලබාදීමට තමන් කටයුතු කළ බවද 2035 වන විට ශ්‍රී ලංකාව තුළ ක්ෂය රෝගීන් අවම කිරීම තම ඉලක්කය බව ද ඇය තව දුරටත් පැවසුවේ.