සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර ඒකකයේ අධ්‍යක්‍ෂවරයා ලෙස පත් කර තිබෙනවා.

ඔහු මෙතෙක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළා.

එම කොට්ඨාසයේ රාජකාරී කළ කාලය තුළ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් සහ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකර ගැනුණා.