Published
හෙට දිනයේ සිට ජූලි මස 05 වෙනිදා දක්වා විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ආරම්භ වනවා.
ඒ, දිස්ත්‍රික්ක 16ක් කේන්ද්‍ර කර ගනිමින්.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 111ක සෞඛ්‍ය කණ්ඩායම්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ස්වේච්ඡා නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම විශේෂ මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක වනවා.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය.
මදුරු මර්දන සතියක් ලෙස ප්‍රකාශයට පත් කළද මහජනතාව නිරන්තරයෙන්ම මදුරුවන් මර්දනය කිරීම සඳහා පරිසරය පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත් බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය පැවසුවේ.