පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පස්වරුවේ කැඳවා තිබුණා.

ඒ, ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසු ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියා.