Published
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබෙන පැමිණිලි අවම කර එම පැමිණිලි මධ්‍යම අපරාධ කාර්යංශය වෙත ලබා දීමට පියවර ගනිමින් සිටින බව මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය, ආනන්ද විජේපාල මහතා පවසනවා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිලි 60,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය නාරාහේන්පිට කම්කරු ගොඩනැගිල්ලේ 07 වන මහලේදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා ඉහත අදහස් පළ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා.