Published
පොලිස් අණ නොතකා මෝටර් රථයක් ධාවනය කළ කාන්තාවක් මිනුවන්ගොඩ, පොල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රථ වාහන වරදක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් විසින් අදාළ කාන්තාවට මෝටර් රථය නවත්වන ලෙසට සංඥා කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
එහෙත් එම කාන්තාව මෝටර් රථය නොනවත්වා ධාවනය කර තිබෙනවා.
පසුව පොලිස් රථවාහන නිලධාරින් විසින් එම මෝටර් රථය පසුපස හඹාගොස් උඩුගම්පොළ ප්‍රදේශයේදී නවත්වා පරීක්‍ෂා කරන අවස්ථාවේ ඇය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරී ඇති බවයි පොලීසිය පැවසුවේ.
එහිදි අදාළ කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ තමන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නැගණිය බවටයි.
කෙසේවෙතත් පොලිස් රථ වාහන නිලධාරීන් විසින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ගම්පහ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව අන්තරාදායක ලෙස රිය ධාවනය, අපරික්‍ෂාකාරී රිය ධාවනය, පොලිස් සංඥා නොතකා ධාවනය, සාපරාධි බලහත්කාරය පෑම හා අන් අයෙකු ලෙස පෙනී සිටීම යන චෝදනා යටතේ ගම්පහ අධිකරණයට වෙත ඉදිරිපත් කෙරෙනු
සැකකාර කාන්තාව ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් එම කාන්තාව හැසිරෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මධ්‍ය හරහා සංසරණය වනවා.
ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කළා.
අදාළ සැකකාර කාන්තාව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නැගණිය ලෙස සිදුකරන ප්‍රකාශය සම්පුර්ණයෙන්ම අසත්‍යයක් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.




