ඉන්ස්ටග්‍රෑම් හි අනුගාමිකයින් මිලියන 100 ඉක්මවා ගිය පළමු ලෝක නායකයා සහ දේශපාලනඥයා බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පත්ව තිබේ.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ එය ගෝලීය ඩිජිටල් වේදිකාවේ ඔහුගේ ජනප්‍රියත්වයේ තවත් පිම්මක් සනිටුහන් කරන බවයි.
මෙටා හිමිකාරීත්වය දරන ඉන්ස්ටග්‍රෑම් වේදිකාවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සම්බන්ධ වී ඇත්තේ 2014 වසරේදීය.
කෙසේවෙතත් ඔහුට මේවනවිට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන් දෙගුණයකටත් වඩා අනුගාමිකයින් සිටී.
ට්‍රම්ප් අනුගාමිකයින් මිලියන 43.2 ක් සමඟ දෙවැනි ස්ථානයේ පසුවේ.
ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්ටෝ මිලියන 15 ක් සමඟින් තෙවැනි ස්ථානයේ පසුවන අතර බ්‍රසීලයේ ජනාධිපතිවරයාට මිලියන 14.4 ක් සිටී.
තුර්කි ජනාධිපති තායිප් එර්ඩෝගන්ට අනුගාමිකයින් මිලියන 11.6 ක් සහ ආර්ජන්ටිනා ජනාධිපති ජේවියර් මිලෙයිට මිලියන 6.4 ක් සිටී.
මෙම අවසන් නායකයන් පස්දෙනාගේ ඒකාබද්ධ අනුගාමිකයන් සංඛ්‍යාව මෝදිගේ තනි සංඛ්‍යාවට වඩා අඩුය.



