දෙරට අතර පවතින ආතතීන් අඛණ්ඩව ඉහළ යන බැවින්, චීනයෙන් එල්ල විය හැකි ආක්‍රමණයක් වැළැක්වීම සඳහා තායිවානය පළමුව තමන්ගේම ජාතික ආරක්ෂාව ශක්තිමත් කළ යුතු බව යුරෝපීය නීති සම්පාදකයින් පවසයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තායිවානයේ සංචාරයක නිරත අට දෙනෙකුගෙන් යුත් යුරෝපීය පාර්ලිමේන්තු දූත පිරිසක් සිය තායිවාන සංචාරයේ අවසානය සනිටුහන් කරමින් තායිපේ හි පැවති සම්මුඛ සාකච්ඡාවකදී, මේ බව පවසා ඇති බවයි.
ඒ අනුව තායිවානය සිය ආරක්ෂාව සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටිය යුතු බව පෙන්වා දී ඇති එම නීති සම්පාදකයි පිරිස තායිවාන රජයෙන් ඉල්ලා ඇත්තේ ආරක්ෂක වියදම් වැඩි කරන ලෙසයි.
ඔබව ආරක්ෂා කිරීමට අවශ්‍ය යැයි පවසන සියල්ලන්ටම ඇත්ත වශයෙන්ම ඔබව යටත් කර ගැනීමට පමණක් අවශ්‍ය බව රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් තායිවානයට උගත හැකි පාඩම් මොනවාදැයි ජනමාධ්‍යවේදීන් විමසූ විට යුක්රේන නීති සම්පාදක සර්හි සොබොලිව් පැවසීය.
එමෙන්ම එවැනි ආරක්ෂාව යථාර්ථය වන්නේ සම්පූර්ණයෙන් විනාශ වූ රට වැසියන් පිරිසක් පමණක් බව බව ද ඔහු පවසා තිබේ.
වත්මන් ලෝකය තුළ රටක් පළමුව තමන්ව ආරක්ෂා කර ගත යුතු බව සෑම කෙනෙකුම තේරුම් ගත යුතු බවත්, එවිට පමණක් අන් අය ඔබව ආරක්ෂා කරනු ඇති බවත් නීති සම්පාදකයින් පිරිස පවසා ඇත.




