Published
                
                 
                
            උතුරු ඇෆ්ගනිස්ථානයේ හටගත් ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන 20ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එහිදී තවත් පුද්ගලයින් 320 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
උතුරු ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් නගරය අසල සිදුවූ එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6යි දශම 3ක අගයක් සටහන්ව තිබෙනවා.
භූ කම්පනයෙන් මසාර්-ඊ ෂරීෆ් ශුද්ධ වූ සිද්ධස්ථානයේ කොටසක් ද විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
භූ කම්පනය හේතුවෙන් එරට අගනගරය වන කාබුල් ඇතුළු ඇෆ්ගනිස්තානය පුරා විදුලිය විසන්ධි වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.




