ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර නව ආරක්ෂක ගිවිසුමකට ද අත්සන් තබා ඇතැයි වාර්තා වේ.

ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ දෙපාර්ශවය අතර එළඹි නිදහස් වෙළඳ ගිවිසුමට සමගාමීව මෙම ආරක්ෂක ගිවිසුමට ද එළඹ ඇති බවයි.

එමගින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ ආරක්ෂාව සහ ආරක්ෂක හවුල්කාරිත්වය සඳහා බව වාර්තා වේ.

මෙම ගිවිසුම යටතේ, යුරෝපා සංගමය සහ ඉන්දියාව සමුද්‍රීය ආරක්ෂාව, ත්‍රස්තවාදයට එරෙහි වීම සහ සයිබර් ආරක්ෂාව යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීමට එකඟත්වය පළ කර ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් එල්ල වන ඩොලර් ට්‍රිලියන 4 ක ආර්ථිකයක් සහ වර්ධනය වන ආරක්ෂක අවශ්‍යතා සමඟ, ඉන්දියාව යුරෝපා සංගමය දෙසට හැරී අවසානයේ දෙපාර්ශවය එකිනෙකා මත විශ්වාසය තබා තවත් ශක්තිමත් වී තිබේ.