ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ඉරානයේ සහ මෙක්සිකෝවේ විදේශ අමාත්‍යවරුන් හමුවී සාකච්ඡා කර තිබේ.

ඒ, බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට සමගාමීවයි.

එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙක්සිකෝවේ විදේශ කටයුතු ලේකම් Juan Ramon de la Fuente හමුවිය.

සෞඛ්‍ය, ඩිජිටල්, තාක්‍ෂණය සහ අභ්‍යවකාශය කෙරෙහි අවධානය යොමු කරමින් හවුල්කාරිත්වය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව අමාත්‍යවරුන් දෙපළ එහිදී සාකච්ඡා කර තිබේ.

මේ අතර ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් බ්‍ර්සීලයේ රියෝ ද ජනයිරෝ හිදී ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරාග්චි හමුවිය.

එහිදී අමාත්‍යවරුන් දෙපළ මෑතකාලීන කලාපීය වර්ධනයන් පිළිබඳව අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්වීය.

මෙම බ්‍රික්ස් සමුළුවට සමගාමීව ඉන්දීය විදේශ අමාත්‍යවරයා රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ද හමුවී සාකච්ඡා කර තිබිණි.