ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක, අජිත් දොවාල් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී හමුව තිබේ.

ඒ ඔහුගේ චීන සංචාරය අතරතුරයි.

කලාපීය සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ත්‍රස්තවාදයට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ගවල අවශ්‍යතාවය ඔවුන් දෙදෙනා සාකච්ඡා කර තිබේ.

දෙපාර්ශ්වයම ඉන්දීය-චීන සබඳතාවල මෑත කාලීන ප්‍රගතිය සමාලෝචනය කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එහිදී රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල සමස්ත වර්ධනය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය ද ඔවුන් දෙපළ අවධාරනය කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

එමෙන්ම අජිත් දෝවාල් පවසා ඇත්තේ චීන-ඉන්දියා සබඳතා යම් ධනාත්මක ප්‍රගතියක් ලබා ඇති බවයි.

චීනය සහ ඉන්දියාව යහපත් අසල්වැසි සහ මිත්‍රත්වයේ දිශානතියට අනුගත විය යුතු බවත්, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහ ජයග්‍රාහී අපේක්ෂාවක් සඳහා උත්සාහ කළ යුතු බවත්, පුරාණ ශිෂ්ටාචාර දෙකේ ඓතිහාසික ප්‍රඥාව විදහා දැක්විය යුතු බවත්, සංවේදී ගැටලු නිසි ලෙස හැසිරවිය යුතු බවත්, දේශසීමා ප්‍රදේශවල සාමය සහ සන්සුන් භාවය පවත්වා ගත යුතු බවත් ඔහු පැවසීය.