පාකිස්තානයේ සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන් හමුවීම සඳහා සති පහකට වැඩි කාලයක් තිස්සේ කිසිදු පුද්ගලයෙකුට බලධාරීන් අවස්ථාව ලබා දී නොමැති බව ඔහුගේ නායකත්වයෙන් යුතු පී ටී අයි පක්ෂය පවසයි.
ඔහුගේ පවුලේ සාමාජිකයින් පවසන්නේ මෙය ඔහුගේ ප්‍රකාශ බාහිර ලෝකයට ළඟා වීම වැළැක්වීම සඳහා බලධාරීන් දරණ උත්සහයක් බවයි.
ඔවුන් රටේ හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර්ට දොස් පවරන අතර රජය එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.
ඉම්රාන් ඛාන් දේශපාලනය සාකච්ඡා කිරීම තහනම් කරන බන්ධනාගාර නීති කඩ කළ නිසා එලෙස බාහිර පුද්ගලයින් හමුවීමට අවස්ථාව නොදෙන බව ද බලධාරීන් පවසා තිබේ.
ඛාන් නිහඬ කළ හැකි වුවද, පීඩනයට ලක්ව සිටින එකම තැනැත්තා ඔහු නොවේ.
මාධ්‍යවේදීන්, විශ්ලේෂකයින් සහ මානව හිමිකම් උපදේශකයින් පවසන්නේ රජය සමඟ එකඟ නොවීමට ඇති ඉඩකඩ වඩ වඩාත් සීමිත වන අතර අවදානම් වැඩි බවයි.
පසුගිය සති අන්තයේ මානව හිමිකම් නීතිඥ ඉමාන් මසාරි සහ ඇගේ සැමියා රාජ්‍ය විරෝධී සමාජ මාධ්‍ය සටහන් බෙදා ගැනීම සම්බන්ධයෙන් වරදකරුවන් විය.
මෙම යුවළ වසර 10 ක් සිරගත කරනු ඇත.



