අමෙරිකාව, ඉරානය සමග ගිවිසුමකට එළඹෙන්නේද නැතහොත් හමුදා ක්‍රියාමාර්ග ගන්නේද යන්න බොහෝවිට ඉදිරි දින 10 ඇතුළත ලෝකය දැනගනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් අර්ථවත් ගිවිසුමක් ඇති කරගත යුතු බවත් එසේ නොමැති නම් අහිතක දේවල් සිදුවිය හැකි බවත් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
අමෙරිකානු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මෑත දිනවල අමෙරිකාව විසින් මැදපෙරදිගට හමුදා භටයින් යොමු කිරීම සහ ස්විට්සර්ලන්තයේ පැවති අමෙරිකා - ඉරාන සාකච්ඡාවල ප්‍රගතියක් පවතින බවටද වාර්තා පළ වූ පසුබිමකයි.
ඉරාන අමෙරිකා යුද්ධයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ ඇති වී තිබූ බිය එම සාකච්ඡාවලින් සමනය වූ බවට ඇතමුන් විශ්වාස කළද අමෙරිකාව ඉරානයට පහරදීමේ සූදානමක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කර තිබුණා.
අමෙරිකාව දැනටමත් මැදපෙරදිග කලාපය තුළ සිය යුද නෞකා 13 ක් ස්ථාන ගත කර ඇති බවටයි වාර්තා පළ වන්නේ.
මෙවැනි පසුබිමක් තුළ ජා්‍යන්තර විශ්ලේෂකයින් සැක පළ කරන්නේ අමෙරිකාව කුමන හෝ අවස්ථාවකදි ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් පවතින බවයි.
එවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පසුබට නොවන බව ඉරානය ද ප්‍රකාශ කර තිබෙනවා.




