ඉරානයේ මහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශාල පිපිරීමක් සිදුව ඇතැයි විදේස මාධ්‍ය පවසනවා.
එරට කාර්යබහුලම ගුවන්තොටුපොළ මෙන්ම ප්‍රධානම දේශීය ගුවන්තොටුපොළක් ලෙසද සැලකෙන මෙහ්රාබාද් ගුවන්තොටුපොළ තුළ මෙම පිපිරීම සිදුව ඇත්තේ අද අලුයම බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අදාළ ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ එම ගුවන්තොටුපොළේ ගුවන්යානා කිහිපයක්ම තිබූ බවද වාර්තා වනවා.
ප්‍රහාරය එල්ලවීමත් සමග විශාල දුම් වළාවක් නිකුත් වී තිබෙනවා. ඊට අදාළ වීඩියෝ දර්ශන කිහිපයක්ද මේ වනවිට නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
මහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ස්ථාන කිහිපයක්ම සතුරන්ගේ ඉලක්ක වී ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය ද තහවුරුකර තිබෙනවා.
කෙසේවෙතත් මෙම ප්‍රහාරයෙන් ගුවන්තොටුපොළේ කුමන ස්ථානවලට ප්‍රහාර එල්ල වී ඇත්ද යන්න තවමත් හෙළි වී නැහැ.
ඊශ්‍රායල විසින් පසුගිය 4 වනදා ද එම ගුවන්තොටුපොළ ඉලක්ක කර ප්‍රහාරයක් දියත්කළා.
එහිදී හෙලිකොප්ටර් නිෂ්පාදන අංශය ඇතුළුව ඊශ්‍රායලයට තර්ජනයක් වූ පද්ධති කිහිපයක්ම විනාශ වු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.




