කැනඩාවේ ඊසානදිග බි්‍රටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ ටම්බ්ලර් රිජ් ද්විතීයික පාසලේ වෙඩි තැබීම සිදුකළ තරුණයා හදුනාගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ 18 හැවිරිදි එම තරුණයාද වෙඩි තබාගෙන එම අවස්ථාවේදී සිය දිවි හානි කර ගෙන ඇති බවයි.
සැකකරු විසින් සිදුකළ වෙඩි තැබීම් හමුවේ පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි එරට පොලීසිය පැවසුවේ.
පාසල තුල තිබී මිය ගිය පුද්ගලයින් හය දෙනෙකුගේ සිරුරු සොයා ගනු ලැබුවා.
ඒ අතර එම පාසලේ 39 හැවිරිදි කාන්තා අධ්‍යාපනඥවරියක් ද වනවා.
එහිදී ජීවිතක්‍ෂයට පත්ව ඇති අනෙක් පිරිස පාසල් සිසුන්.
වයස අවුරුදු 12 ක් වූ ශිෂ්‍යාවන් තිදෙනෙකු සහ වයස අවුරුදු 12 සහ 13 ක් වූ සිසුන් දෙදෙනෙක් එලෙස ජිවිතක්‍ෂයට පත්ව ඇති බවයි එරට පොලීසිය පැවසුවේ.
පාසල අසල නිවසක කාන්තාවක් සහ වයස අවුරුදු 11 ක් වූ පිරිමි ළමයෙකුද වෙඩි තැබීම් හමුවේ ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
ඔවුන් සැකකරුගේ මව සහ සහෝදරයෙකු වන බවයි එරට පොලීසිය පවසන්නේ.
සැකකරු සහ අදාළ පාසලේ මියගිය පිරිස අතර තිබූ සබදතාව කුමක් දැයි අනාවරණ වී නැහැ.
එම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් 25 දෙනෙකු පමණ තුවාල ලැබුවා.




