ජපානනයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ දීර්ඝ නඩු විභාගයකට මුහුණ දී සිටි සැකකරුට එරට අධිකරණයක් මගින් ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම් නියම කර තිබෙනවා.

ජපානයේ වඩාත්ම බලගතු දේශපාලනඥයෙකු වූ ෂින් ෂෝ අබේ අගමැති ධුරයෙන් ඉවත් වීමෙන් පසු නිත්‍ය නීති සම්පාදකයෙකු ලෙස සේවය කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කෙරුණේ 2022 වසරේදීයි.

ඒ, ජපානයේ බටහිර නාරා නගරයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල සිටියදීයි.

එම සිද්ධිය ගිනි අවි සම්බන්ධයෙන් දැඩි ලෙස නීති ක්‍රියාත්මක ජපානය කම්පනයට පත් කළ සිදුවීමක් වුණා.

ජපානයේ නීති පද්ධතිය මගින් මිනීමැරුම් චෝදනා සඳහා මරණ දඬුවම් නියම කිරීමට අවසර දී නොමැති බව ද විදෙස් වාර්තාවල සඳහන්.