ඉහළ යන ජීවන වියදමට එරෙහිව ඉරානයේ පැවැත්වෙන විරෝධතා පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානයට යොමුව තිබෙනවා.

සිය ‘තෘත්’ ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ඉරානය සාමකාමී විරෝධතාකරුවන්ට වෙඩි තබා ඝාතනය කළහොත් ඊට එරෙහිව අමෙරිකාව මැදිහත් වීමට සූදානම් බවයි.

ඉරානය විරෝධතාකරුවන්ව ඝාතනය කිරීම සිරිත වූ නමුත් අමෙරිකා එක්සත් ජනපදය ඔවුන් බේරා ගැනීම සඳහා පැමිණෙනු ඇති බවද ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා.

කෙසේවෙතත් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන අලි ලරිජානි අනතුරු අඟවා ඇත්තේ ඉරානයේ පවතින මෙම තත්ත්වයන් සඳහා එක්සත් ජනපදය මැදිහත් වන්නේ නම් එය මුළු කලාපයම අස්ථාවර වන අතර අමෙරිකානු අවශ්‍යතා ද විනාශ වන බවයි.

ජීවන වියදම් ඉහළ යාම හේතුවෙන් ඉරානයේ පැවැත්වෙන විරෝධතා මේ වනවිට අයහපත් මට්ටමකට පත්ව ඇති අතර පසුගිය පළමුවනදා වනවිට විරෝධතාවලින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ඉරානයේ මෙම විරෝධතා ආරම්භ වුණේ විවෘත වෙළෙඳපොළ තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉරාන මුදල් ඒකකය වන රියාල්හී අගය තියුණු ලෙස පහත වැටීමත් සමගයි.