අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දකුණු කොරියානු ආනයනය සඳහා අයකරන තීරුබදු සියයට 25ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.
දකුණු කොරියාව පසුගිය වසරේදී අමෙරිකාව සමග ඇති කර ගත් වෙළඳ ගිවිසුමට අනුකූලව කටයුතු නොකිරීම හේතුවෙන් තීරුබදු ඉහළ දමන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ.
ඒ අනුව මෝටර් රථ, දැව, ඖෂධ ඇතුළු අනෙකුත් සියලුම අන්‍යෝන්‍ය තීරුබදු සියයට 15 සිට සියයට 25 දක්වා වැඩි කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා සිය ටෘත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබෙනවා.
එකඟ වූ ගනුදෙනුවලට අනුකූලව තීරුබදු අඩු කිරීමට අමෙරිකාව ක්‍රියාකළද දකුණු කොරියානු නීති සම්පාදකයින් ගනුදෙනුව අනුමත කිරීමට මන්දගාමී වී ඇති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
මේ අතර තම භාණ්ඩ සඳහා තීරුබදු ඉහළ නැංවීමේ අමෙරිකාවේ තීරණය පිළිබඳව නිල දැනුම්දීමක් මෙතෙක් සිදුව නොමැති බව දකුණු කොරියාව ප්‍රකාශ කර තිබෙනවා.
මෙම ගැටලුව සම්බන්ධයෙන් වොෂිංටනය සමග හදිසි සාකච්ඡාවක් අවශ්‍ය බවයි දකුණු කොරියාව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.




