ඉන්දියාව, ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසනවා.

ඒ, ජපානයද අභිබවා යමින්.

ඉන්දියාවේ ආර්ථිකය දැන් අමෙරිකානු ඩොලර් ටි්‍රලියන 4.18ක් වන බවයි ඉන්දීය රජය පවසන්නේ.

ඉන්දීය රජය පවසන්නේ 2030 වසර වන විට ජර්මනිය අභිබවා ලොව තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වීමට සූදානමින් සිටින බවයි.

ඉන්දියාවේ දත්තවලට අනුව දළ දේශීය නිෂ්පාදිතය 2025-26 දෙවන කාර්තුවේදී සියයට 8.2කින් වර්ධනය වී තිබෙනවා.

ඒ අනුව 2030 වන විට ඉන්දියාවේ ආර්ථිකය අමෙරිකානු ඩොලර් ටි්‍රලියන 7.3ක මට්ටමට ගෙන ඒම අරමුණ බවයි ඉන්දීය රජය පවසන්නේ.
ලෝකයේ විශාලතම ආර්ථිකය හිමි රට වන්නේ අමෙරිකා එක්සත් ජනපදයයි.

චීනය දෙවන ස්ථානයේ පසුවනවා.