Published
මෙක්සිකෝවේ නිරිතදිග ඔක්සාකා කලාපයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් පුද්ගලයින් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි මෙක්සිකානු නාවික හමුදාව පැවසුවේ.
එම පිරිසෙන් පුද්ගලයින් 36 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
මෙක්සිකෝ බොක්කේ සිට පැසිෆික් සාගරය අතර ධාවනය වෙමින් තිබූ දුම්රියක් පීලි පැනීමෙන් එම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නිසන්ඩා නගරය අසලදී එම දුම්රිය එලෙස පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
අනතුර සිදු වන අවස්ථාවේ එම දුම්රියේ මගීන් 241 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 09 දෙනෙකු රැඳී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම අනතුර සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව මෙක්සිකානු නීතිපතිවරයා පවසා තිබෙනවා.




