පාකිස්තානයේ වෙසෙන ළමුන් මිලියන 26 ක් පාසල් නොයන බව නවතම අනාවරණයකින් හෙළිදරව් වී තිබේ.
ඉස්ලාමාද් හි අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍ය කාලිඩ් මක්බූල් සිද්දිකි විසින් නිකුත් කරන ලද ගැහැණු අධ්‍යාපන සංඛ්‍යාලේඛන සහ ප්රවණතා වාර්තාව 2023-24 (GESTR) නම් වාර්තාවකින් මෙම හෙළිදරව්ව සිදු කරන ලදී.
පාකිස්තාන අධ්‍යාපන ආයතනය (PIE), මලාලා අරමුදල, පාකිස්තාන ගැහැණු අධ්‍යාපන සන්ධානය (PAGE) සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් සකස් කරන ලද වාර්තාවෙන් හෙළි වන්නේ වයස අවුරුදු 5 සිට 16 දක්වා ළමුන් මිලියන 25.37 ක් පාසල් නොයන බවයි.
ඒ අතරට ගැහැණු ළමයින් මිලියන 13.41 ක් සහ පිරිමි ළමයින් මිලියන 11.96 ක් ඇතුළත් වේ.
සමස්තයක් වශයෙන්, වාර්තාවේ සඳහන් වන්නේ දැනට ළමුන් මිලියන 26.2 ක් අධ්‍යාපනය අහිමි වී ඇති බවයි.
යුනිසෙෆ් සංවිධානයට අනුව ලොව දෙවන වැඩිම ළමුන් සංඛ්‍යාවක් පාසල් නොයන රට වන්නේ ද පාකිස්තානයයි.
පාකිස්තානයේ වැඩිම පාසල් ළමුන් සංඛ්‍යාවක් සිටින බව වාර්තා වන්නේ පන්ජාබ් ප්‍රාන්තයෙනි.
එම ප්‍රාන්තයේ පාසල් නොයන දරුවන් මිලියන 9.6 ක් සිටින අතර ගැහැණු ළමයින් මිලියන 4.83 ක් සහ පිරිමි ළමයින් මිලියන 4.77 ක් ඊට ඇතුළත් ය.



