ඊයේ පැවති බංග්ලාදේශ මැතිවරණයේ ප්‍රතිඵල අනුව තාරික් රහමාන් එරට මීළඟ අගමැතිවරයා ලෙස පත්වීමට වැඩි ඉඩක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඔහුගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ ජාතිකවාදී පක්‍ෂයට ඡන්ද ප්‍රතිඵල අනුව එරට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් හිමිවනු ඇති බවටයි පුරෝකතනය කර ඇත්තේ.

ඒ අනුව බංග්ලාදේශ ජාතික මන්ත්‍රී මණ්ඩලයේ ආසන 209ක් බංග්ලාදේශ ජාතිකවාදී පක්‍ෂයට හිමිවනු ඇති බව නිල නොවන වාර්තා අනාවරණ කර තිබෙනවා.