දකුණු ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදුවූ බිහිසුණු අනතුරෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 39 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම අනතුරෙන් තවත් පුද්ගලයන් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි එරට සිවිල් ආරක්‍ෂක බලකාය පැවසුවේ.

කෝර්ඩෝබා හි ඇඩමුස් නගරය ආසන්නයේදී මෙම දුම්රිය අනතුර සිදුව තිබෙනවා.

මලගා සිට මැඩ්රිඩ් දක්වා ධාවනය කළ දුම්රියක් පීලි පැනීමකට ලක්ව යාබද දුම්රිය මාර්ගයේ ධාවනය වූ දුම්රියක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දශකයකට වැඩි කාලයක් ත-ුළ එරට සිදුවූ දරුණුතම දුම්රිය අනතුර මෙය බවයි එරට බලධාරීන් පවසන්නේ.