Published
අමෙරිකාවේ මැදිහත්වීමෙන් අබුඩාබි හිදී පැවති දින දෙකක සාම සාකච්ඡාවලින් පසු යුක්රේනය සහ රුසියාව යුද සිරකරුවන් සහ සිවිල් වැසියන් හුවමාරුවක් සිදුකර තිබෙනවා.
එවැනි සිරකරු හුවමාරුවක් දෙපාර්ශවය විසින් සිදුකර ගෙන ඇත්තේ මාස හතරකින් පසුවයි.
එහිදී සිවිල් වැසියන් හත් දෙනෙකු ඇතුළු යුක්රේන සිරකරුවන් 157 දෙනෙකු සහ රුසියානු සොල්දාදුවන් 157 දෙනෙකු ආපසු සිය රට බලා යවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර පැවති සාකච්ඡා සඳහා රුසියානු, යුක්රේන නියෝජිතයින් සහ එක්සත් ජනපද නියෝජිත කණ්ඩායමක් එක්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්.




