නව වසර උදාවීම වෙනුවෙන් පැවති ගිණිකෙළි සංදර්ශනයකින් ලන්ඩන් නගරය වර්ණවත් වී තිබුණා.

එඩින්බරෝ, කාඩිෆ්, මැන්චෙස්ටර්. නිව් කාසල් ඇතුළු සමස්ත බි්‍රතාන්‍ය පුරා සැමරුම් උත්සව පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ග්‍රීසිය, එස්තෝනියාව සහ යුක්රේනය 2026 නව වසර පිළිගත් පළමු යුරෝපීය රටවල් වනවා.

ගිණිකෙළි, බෙර වාදන, සීනු නාද කිරීම් සහ දැවැන්ත ගොඩනැගිලිවල ආලෝක රටා ආදියෙන් ප්‍රධාන නගර රැසක් විචිත්‍රවත් වී තිබෙනවා.
මේ අතර එක්සත් ජනපදය ඇතුළු අමෙරිකානු කලාපයේ රටවල් තවත් පැය කිහිපයකින් උදාවන නව වසර උත්සවශ්‍රීයෙන් යුතුව පිළිගැනීමට සූදානමින් සිටිනවා.