අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය ආනයන සඳහා සියයට 10ක නව බද්දක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසු ඔහු විසින් වහාම ක්‍රියාත්මක වන එම නව බද්ද පනවා ඇති බවයි.
අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඒකපාර්ශ්විකව පැනවූ ගෝලීය වෙළෙඳ තීරුබදු ෆෙඩරල් නීතිය උල්ලංඝනය කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
ඒ අනුව ජාතික හදිසි අවස්ථා සඳහා වෙන්කර ඇති නීතිය හරහා තීරුබදු පනවා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ අධිකාරි බලය ඉක්මවා ගොස් ඇති බවද එරට ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙනවා.
එවන් පසුබිමක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු විවේචනය කරමින් ට්‍රම්ප් නව බද්ද ප්‍රකාශයට පත්කරමින් පවසා ඇත්තේ, එම තීන්දුව ‘දරුණු' බවයි.
ට්‍රම්ප්ගේ වෙළෙඳ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කළ විනිසුරුවරුන් ‘මෝඩයන්‘ ලෙස ඔහු අර්ථ දක්වා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.




