කාශ්මීරයේ පහල්ගම් වෙත එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව දියත් කල සින්දූර් මෙහෙයුම හමුවේ පකිස්තාන හමුදාවට සිදුවූ හානි අනාවරණ වී තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ සින්දූර් මෙහෙයුම හමුවේ පකිස්තාන ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා හයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි.

එමෙන්ම පකිස්තාන ගුවන් හමුදාව සතුව තිබූ ඉහළ වටිනාකමකින් යුත් නිරීක්ෂණ ගුවන් යානා දෙකක් ද ඉන්දිය ප්‍රහාර හමුවේ විනාශ වී ඇතැයි සඳහන්.

ඊට අමතරව සන්නද්ධ ඩ්‍රෝන යානා දහයකට වඩා සහ C-130 හර්කියුලිස් ප්‍රවාහන ගුවන් යානයක් ද ඉන්දීය හමුදාවේ ප්‍රහාර හමුවේ පකිස්තානයට අහිමි වී තිබෙනවා.

ඉන්දියාව පවසන්නේ පකිස්තානයට එල්ල කරන ප්‍රහාර අත් හිටවූව ද ත්‍රස්තවාදයට එරෙහිව සින්දූර් මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.