හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ විදුලිබල පද්ධතිවලට ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ තර්ජනාත්මක ප්‍රකාශයට ඉරානය ප්‍රතිචාර දක්වා තිබෙනවා.
එලෙස ඉරාන විදුලි බලාගාර ඉලක්ක කර ප්‍රහාර එල්ල කලහොත් මැදපෙරදිග කලාපයේ තීරණාත්මක යටිතල පහසුකම් සහ බලශක්ති පහසුකම් ආපසු හැරවිය නොහැකි ලෙස විනාශ කළ හැකි බවයි ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඩ් බගර් ගලීබාෆ් ප්‍රකාශ කර ඇත්තේ.
එවැන්නක් සිදුවුවහොත් ටෙහෙරානයේ පළිගැනීම් හේතුවෙන් ඉන්ධන මිල දිගු කාලයක් වැඩිවනු ඇති බවද එක්ස් සටහනක් තබමින් ඉරාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා පවසා තිබෙනවා.
පැය 48 ක් ඇතුළත හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ බලාගාර මකා දමන බවට අමෙරිකානු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
මේ අතර ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්ප්රකාශ කර ඇත්තේ එක්සත් ජනපදයේ තර්ජන බලාපොරොත්තු සුන්වීම පෙන්නුම් කරන බවයි.
එවැනි තර්ජන අපගේ එකමුතුකම ශක්තිමත් කරනවා පමණයි යනුවෙන්ද ඉරාන ජනාධිපතිවරයා එක්ස් සටහනක් තබමින් පවසා තිබෙනවා.
හෝමූස් සමුද්‍ර සන්ධිය, ඉරානයට එරෙහි අයට හැර අන් සියල්ලන්ටම විවෘත බවද ඔහු පසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ




