ග්‍රීන්ලන්තයේ පාලනය සම්බන්ධයෙන් සිය සැලසුම්වලට විරුද්ධ වූ යුරෝපා රටවල් 8 කට එරෙහිව පැනවීමට සැලසුම් කර තිබූ තීරුබදු අවලංගු කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හිදී නේටෝ ප්‍රධානී මාර්ක් රූට් සමඟ පැවැත්වූ හමුවකින් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් ග්‍රීන්ලන්තය සහ සමස්ත ආක්ටික් කලාපය සම්බන්ධයෙන් අනාගත ගිවිසුමක රාමුවක් සකස් කර ඇති බවයි.

මෙම විසඳුම සම්පූර්ණ වුවහොත් එය අමෙරිකා එක්සත් ජනපදයට මෙන්ම සියලුම නේටෝ රටවලටද ඉතා යහපත් වනු ඇති බවද ඔහු පවසා තිබෙනවා.

මෙම සැලසුම හේතුවෙන් පෙබරවාරි 01 වනදා සිට යුරෝපා රටවලට පැනවීමට නියම කල සියයට 10ක අතිරේක තීරුබදු තර්ජනය ඉල්ලා අස්කර ගැනීමට තීරණය කළ බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ.