අමෙරිකානු අත්අඩංගුවට පත් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ, මෙට්‍රොපොලිටන්හි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයකට රැගෙන ගොස් තිබෙනවා.

ඔවුන් දෙපළ නිව්යෝර්ක් නුවර වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඖෂධ බලාත්මක කිරීමේ පරිපාලනය වෙත රැගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරුව වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ, මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා.

හෙට දිනයේ ඔවුන් දෙදෙනාට නිව්යෝර්ක් හිදි මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදය සහ ආයුධ චෝදනාවලට එරෙහිව අධි චෝදනා ලබා දෙන බවයි අමෙරිකානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

වෙනිසියුලාවේ උප ජනාධිපතිනි ඩෙල්සි රොඩි්‍රගස්ට ද වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අමෙරිකානු හමුදා මෙහෙයුමක් මගින් රටින් පිටුවහල් කළ නිකොලස් මදුරෝ නොමැති විට උප ජනාධිපතිවරිය විසින් එරට වැඩබලන ජනාධිපති ධූරය භාරගන්නා ලෙස එමගින් නියෝග කර ඇත්තේ.

වෙනිසියුලාවට එල්ල කළ අමෙරිකානු ප්‍රහාරවලින් හමුදාවේ සහ සිවිල් වැසියන් 40 දෙනෙකු මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.