රටවල් 75ක පුද්ගලයින් සදහා අමෙරිකාවට ඇතුළුවීම සදහා වීසා නිකුත් කිරීම දින නියමයකින් තොරව අත්හිටුවිමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබෙනවා.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ ජනවාරි 21 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම තීරණය ගෙන ඇති බවයි.

රුසියාව, බ්‍රසීලය, ඉරානය, කියුබාව, ඊජිප්තුව, ඉරාකය, ජෝර්දානය, ලෙබනනය ඇතුළු රටවල් 75කට එම වීසා තහනම පනවා තිබෙනවා.

එලෙස වීසා නිකුත් කිරීම අත්හිටුවා ඇති දකුණු ආසියානු කලාපයේ රටවල් අතරට පකිස්තානය සහ බංග්ලාදේශය ද ඇතුළත්.