වෙනිසියුලාවේදි සිදුකල එක්සත් ජනපද මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගත් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් නිව්යෝර්ක් නගරයේ මෙට්‍රොපොලිටන් හි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයකට ගෙන ගොස් තිබෙනවා
අමෙරිකානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔවුන් දෙදෙනාට හෙට දිනයේදී නිව්යෝර්ක් හිදි මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදය සහ ආයුධ චෝදනාවලට එරෙහිව අධි චෝදනා ලබා දෙන බවය.
මේ අතර වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එරට උප ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස්ට නියෝගයක් නිකුත් කර තිබෙනවා
අමෙරිකානු හමුදා මෙහෙයුමක් මගින් රටින් පිටුවහල් කළ නිකොලොස් මධුරෝ නොමැති විට උප ජනාධිපතිවරිය විසින් එරට වැඩබලන ජනාධිපති ධුරය භාරගන්නා ලෙස මෙමගින් නියෝග කර ඇත්තේ
ඒ අනුව ජාතියේ පරිපාලන අඛණ්ඩතාව සහ පුළුල් ආරක්ෂාව සහතික කිරීම සඳහා වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ ජනාධිපති ධුරය ඇය විසින් භාරගනු ඇති බව අධිකරණ තීන්දුවේ සඳහන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.




