ඇෆ්ගනිස්ථානය පාකිස්තානයෙන් ඖෂධ ආනයනය කිරීම තහනම් කර තිබේ.
තලේබාන් පරිපාලනය පැවසුවේ එම තහනම ඉකුත් සඳුදා සිට බලාත්මක කර ඇති බවයි.
ඒ හමුවේ ඖෂධ වෙළඳුන්ට විකල්ප සැපයුම් මාර්ග සොයා ගැනීමට උපදෙස් දුන් බව තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගන් මුදල් අමාත්‍යංශය පැවසුවේය.
අමාත්‍යාංශයේ ප්‍රකාශක අබ්දුල් කයුම් නසීර් එරට ජනමාධ්‍ය වෙත පැවසුවේ ජාවාරම් මාර්ග හරහා භාණ්ඩ ප්‍රවාහනය ද බලධාරීන් විසින් නවත්වන බවත්, ජාවාරමට සම්බන්ධ අයට එරෙහිව නඩු පවරන බවත්, රාජසන්තක කරන ලද භාණ්ඩ විනාශ කරන බවයි.
පාකිස්තානයට සම්බන්ධ වාණිජ ගනුදෙනු සහ වෙළඳ ලියකියවිලි අවසන් කිරීමට ඔවුන්ට දින 19 ක් ඇති බව අමාත්‍යාංශය මීට පෙර වෙළඳුන්ට දැනුම් දී තිබුණි.
මාස ගණනාවක් තිස්සේ පැවති දේශපාලන ආතතීන්, පකිස්ථාන හමුදා සහ තලේබාන් සංවිධානය අතර දේශසීමා ගැටුම් සහ ප්‍රධාන ප්‍රවාහන මාර්ග වසා දැමීමෙන් පසුව මෙම තීරණයට එළඹ තිබේ.
සැප්තැම්බර් මාසයේ සිට ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය අතර දේශසීමා හරස් මාර්ග බොහෝ දුරට වසා දමා ඇත.
ආර්ථික කටයුතු භාර තලේබාන් සංවිධානයේ නියෝජ්‍ය අගමැති අබ්දුල් ඝානි බරාදාර්, මීට පෙර වෙළෙන්දන්ගෙන් ඉල්ලා සිටියේ පාකිස්තානය සමඟ ව්‍යාපාර අත්හිටුවන ලෙස සහ විකල්ප වෙළඳ කොරිඩෝ හඳුනා ගන්නා ලෙසයි.
ආනයන අත්හිටුවීම දැනටමත් ඇෆ්ගනිස්ථානයේ ඖෂධ වෙළඳපොළට බලපා ඇත.
මිල ඉහළ යාමත් සමඟ කාබුල්හි ඖෂධ කිහිපයක හිඟයක් පවතින බව වෙළඳුන් සහ රෝගීන් පවසයි.
ඇෆ්ගනිස්ථානයේ ඖෂධවලින් සියයට 70කට වඩා ආනයනය කරන ලද්දේ පාකිස්තානයෙන් ය.
ඖෂධවේදීන් පවසන්නේ අත්‍යවශ්‍ය ඖෂධ, විශේෂයෙන් පාකිස්තානය විසින් බොහෝ දුරට සපයන ලද හෘද රෝග ඖෂධ, ලබා ගැනීම දුෂ්කර වී ඇති බවයි.



