ඉන්දියානු සංචිත බැංකුව විසින් නිකුත් කරන ලද නිල දත්ත පෙන්වා දෙන පරිදි, ජූනි 13 න් අවසන් වන සතියේ දී ඉන්දියාවේ විදේශ විනිමය සංචිත ඉහළ ගොස් තිබේ.

ඒ ඩොලර් බිලියන 2.294 කින් ඩොලර් බිලියන 698.950 දක්වායි.

නවතම මූල්‍ය ප්‍රතිපත්ති රැස්වීමේදී ඉන්දියානු සංචිත බැංකුවේ ප්‍රධානී සංජේ මල්හෝත්‍රා පැවසුවේ විදේශ විනිමය සංචිතය රටේ ආනයනවලින් මාස 11ක් සහ විදේශ ණයවලින් සියයට 96ක් පමණ පියවීමට ප්‍රමාණවත් බවයි.

එම බැංකුව නිකුත් කළ නවතම දත්ත පෙන්නුම් කළේ විදේශ විනිමය සංචිතවල විශාලතම සංරචකය වන ඉන්දියාවේ විදේශ මුදල් වත්කම් ඩොලර් බිලියන 589.426 ක් වූ බවයි.

ඉන්දියානු සංචිත බැංකුවේ දත්ත වලට අනුව, දැනට රන් සංචිතය ඩොලර් බිලියන 86.316 කි.

එම බැංකුව විසින් සිය විදේශ විනිමය සංචිතවල පවත්වා ගෙන යන රන් කොටස 2021 සිට මෑතක් වන තුරු දෙගුණයකින් වැඩි වී ඇත.