ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නවදිල්ලියේ හයිද්‍රාබාද් හවුස් හිදී ෆින්ලන්ත ජනාධිපති ඇලෙක්සැන්ඩර් ස්ටබ් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීය.
ඉන්දියාවේ පැවැත්වෙන රයිසිනා සංවාදයට සහභාගී වීම සඳහා ෆින්ලන්ත ජනාධිපතිවරයා එලෙස ඉන්දියාවට පැමිණ සිටියි.
ඊට සමගාමීව දෙරටේ නායකයින් අතර මෙම ද්විපාර්ශවික සාකච්ඡා වටය පැවැත්විණි.
එහිදී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ දෙපාර්ශවයටම වැදගත් වන කලාපීය හා ගෝලීය කරුණු පිළිබඳව අවධානය යොමු කර තිබේ.
අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ව්‍යාපාරික නායකයින්ගෙන් සමන්විත ඉහළ මට්ටමේ දූත පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුවන මෙම සංචාරයේ අරමුණ, ඉන්දියාව සහ ෆින්ලන්තය අතර විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ද්විපාර්ශ්වික සබඳතා ගැඹුරු කිරීම සහ සහයෝගීතාව පුළුල් කිරීම බව විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය අඟහරුවාදා නිකුත් කළ නිවේදනයක සඳහන් කළේය.
නිල ප්‍රකාශයකට අනුව, ඇලෙක්සැන්ඩර් ස්ටබ් ෆින්ලන්ත ජනාධිපති ලෙස සිය වත්මන් ධුරය යටතේ ඉන්දියාවේ සිදු කරන පළමු සංචාරය මෙය වේ.




