ඉරානයේ ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි මිය ගොස් ඇති බව ඉරානය තහවුරු කර තිබෙනවා.

ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ නායකයාගේ සැඟවුණු ස්ථානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කල බව ඊශ්‍රායලය මීට පෙර පවසා තිබුණා.

ඝාතනය කරන ලද බව ඉරානය විසින් පිළිගෙන ඇති අලි ලරිජානි, ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්.

එම තනතුරට පත් කර ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදීයි.

මේ අතර ඉරානයට එරෙහිව සිදුකරනු ලබන හමුදා මෙහෙයුම්වලට නේටෝ රටවල සහාය අවශ්‍ය නෙමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීම වැළැක්වීමේ අමෙරිකානු උත්සාහයට නේටෝ සංවිධානය විසින් සහාය දක්වන නමුත් යුද්ධයට සම්බන්ධ වීමට ඔවුන් මැලිකමක් දක්වන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.