Published
ඉරානයේ පවතින දැඩි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් මේ වන විට අවම ලෙස පුද්ගලයින් 116දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඒ අනුව ටෙහෙරානයේ අගනුවර රෝහල් 6 ක පමණක් මෙම මරණ සංඛ්‍යාව සටහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මිය ගිය අයගෙන් බහුතරයක් ආරක්ෂක අංශවල වෙඩි පහරවලට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර උද්ඝෝෂණ මධ්‍යයේ ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ නිලධාරියෙකු රජයේ රූපවාහිනිය ඔස්සේ දැඩි අනතුරු ඇඟවීමක් සිදු කරමින් කියා ඇත්තේ දෙමාපියන් තම දරුවන් විරෝධතාවලින් ඈත් කර තැබිය යුතු බවයි.
එමෙන්ම යම් හෙයකින් දරුවන්ට වෙඩි වැදුණහොත් ඒ පිළිබඳව පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවන ලෙසත් ඔහු දැඩිව අවධාරණය කර තිබෙනවා.




