ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් සඳහා මැදිව සිටින නේපාල ජාතිකයන් ඉරානයෙන් ඉවත් කර ගැනීමට උපකාර කිරීම සඳහා ඉන්දියාව ලබා දෙන කඩිනම් සහය සඳහා ස්තූතිය පළ කරන බව නේපාලයේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අර්සු රනා ඩියුබා පවසා තිබෙනවා.

ඒ ඔහුගේ නිල X ගිණුමේ සටහනක් තබමින්.

නේපාල සිසුන් ආරක්ෂිතව ඉවත් කිරීමේ ප්‍රයත්නයන් සඳහා ඉන්දියාව ලබා දෙන සහයෝගය නේපාල-ඉන්දියා සබඳතාවල ශක්තිය පිළිබිඹු කිරීමක් බව ද ඔහු පවසා තිබිණි.

ඊශ්‍රායල – ඉරාන ගැටුම් තීව්‍ර වීම හමුවේ ඉරානයෙන් තම පුරවැසියන් ඉවත් කිරීම සඳහා ‘සින්දු මෙහෙයුම’ දියත් කරන බව ඉන්දියාව ජුනි 18 වන දින නිවේදනය කළේය.

ඉරානයේ ඉන්දීය තානාපති කාර්යාලය සෙනසුරාදා ප්‍රකාශ කළේ එහි ඉවත් කිරීමේ උත්සාහයන් නේපාලය සහ ශ්‍රී ලංකාව ද ආවරණය වන බවයි.

X හි සටහනක, තානාපති කාර්යාලය පැවසුවේ, “නේපාලයේ සහ ශ්‍රී ලංකා රජයන්ගේ ඉල්ලීම මත, ඉරානයේ ඉන්දීය තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් සිදු කෙරෙන ඉන්දියානුවන් මුදා ගැනීමේ මෙහෙයුමේදී නේපාලයේ සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන් ද මුදා ගන්නා බවයි.