ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීම හුදෙකලා සිද්ධියක් නොව ලෝක භූ දේශපාලනයේ සිදුවීම් මාලාවක ප්‍රතිඵලයක් බව මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පවසනවා.

පසුගිය වසර සියයක පමණ කාලය තුළ ක්‍රියාත්මක වූ ලෝක භූ ආර්ථික පද්ධතිය බිඳ වැටෙමින් පැවතීම මෙවැනි යුදමය තත්ත්වයකට හේතුවක් වන බවයි ඔහු පැවසුවේ.

ඉරානයට එරෙහිව ඊශ්‍රායලය ඇතුළු බටහිර රටවල් ක්‍රියාත්මක වීම අරාබි ලෝකයේ පැවති ප්‍රති විරෝධතා සමනය වීමට හේතුවක් වනු ඇති බවද මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පෙන්වා දුන්නා.

පවත්නා ලෝක තත්ත්වයන් යටතේ මෙවැනි යුදමය ගැටුම් තවදුරටත් තීව්‍ර විය හැකි බවද මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මෙවැනි යුදමය තත්ත්වයන් ශ්‍රී ලංකාව වැනි රටවල්වලට බලපෑ හැකි ආකාරයද මෙහිදී පැහැදිලි කෙරුණා.