අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ගල්ෆ් කලාපයේ ඇති වූ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා.
එම ගැටුම් ආරම්භ වී අදට දින 7 ක් ගතවී ඇති අතර දෙපාර්ශවයේ තවදුරටත් ප්‍රහාර එල්ල කර ගනිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
යුද්ධය ආරම්භවීමෙන් පසු මේ දක්වා කාලය තුළ ඉරාන නැව් 30 කට වඩා වැඩි ප්‍රමාණයක් ගිල්වා දමා ඇති බවයි අමෙරිකාව ප්‍රකාශ කර ඇත්තේ.
ඉරාන හමුදාවේ බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවද අමෙරිකානු හමුදා නිලධාරියෙකු ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඉරානය සමග යුද්ධය කොපමණ කලක් පැවතිය හැකිද යන්න පිළිබදව තමාට කිව නොහැකි බවයි.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් තමන්ට කාලසීමාවක් නොමැති බවත් සම්මුඛ සාකච්ඡාවකදි අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ඉරානයට එරෙහි යුද්ධය සති 4 ක් හෝ 5ක් පවතිනු ඇති බවයි.
මේ අතර ඉරානයේ උත්තරීතර ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකාවේ ඕනෑම ආකාරයක භූමි ආක්‍රමණයක් සදහා ඉරාන හමුදා බලා සිටින බවයි.
දිගුකාලීන යුද්ධයකට ඉරානය සම්පූර්ණයෙන්ම සූදානම් බවත් තවමත් භාවිත කර නොමැති දියුණු අවිආයුධ හදුන්වාදීමට සූදානම් බවත් ඉරාන විප්ලවීය ආරක්‍ෂක බලකායේ ප්‍රකාශකයෙකු පැවසූ බව අල් ජසීරා පුවත් සේවයද පැවසුවා.
ඉදිරියේදි එන නව ප්‍රහාර රැල්ලේදී සතුරන් වේදනාකාරී පහරවල් අපේක්‍ෂා කළ යුතු බවයි ඉරාන ආරක්‍ෂක අංශ වැඩිදුරටත් පවසා ඇත්තේ.




