එක රැයකින් ලෝකයම තිගැස්සෙන තීන්දු තීරණ ගන්නා ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනාධිපති ධුරයට දෙවන වරටත් පත්ව අදට වසරක්.
ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයායි.
ඔහුගේ මෙම වසරක කාලය තුළ ගත් ඇතැම් තින්දු ලෝකයේම දැඩි අවධානයකට තුඩු දුන්නා.
ගාසා තීරයේ සටන් විරාමයක් සාකච්ඡා කිරීම, වෙළඳ හවුල්කරුවන් මත දැඩි තීරුබදු ක්‍රියාත්මක කිරීම, වෙනිසියුලාවේ නායකයා අල්ලා ගැනීම සහ ග්‍රීන්ලන්තය පාලනය කිරීමට බල කිරීම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ධුර කාලය තුළ විශාල බලපෑමක් ඇති කළ සිද්ධීන් වනවා.
අමෙරිකාවේ නීතිවිරෝධී සංක්‍රමණ මැඩපැවැත්වීමට තමන් ගත් තීරණ සිය පරිපාලනයේ සාර්ථකත්වය පෙන්නුම් කරන බවත් රටේ ආර්ථිකය ඉහළ නැංවීමට කටයුතු කරන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
කෙසේවෙතත් මෙම වසරේ අමෙරිකානු මධ්‍ය කාලීන මැතිවරණය ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය පිළිබඳ සැබෑ පරීක්ෂණයක් වනු ඇති බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.




