කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි අද ඉන්දියාවේ මුම්බායි වෙත පැමිණියේය.
ඒ සිව්දින නිල සංචාරයක් ආරම්භ කරමින්.
ඔහු මාර්තු 2 වනදා දක්වා ඉන්දියාවේ රැඳී සිටිනු ඇත.
එමෙන්ම අග්‍රාමාත්‍ය මාර්ක් කානිගේ පළමු ඉන්දීය නිල සංචාරය ද මෙයයි.
ඔහුගේ මෙම ඉන්දීය සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ ද්විපාර්ශ්වික සබඳතා නැවත ගොඩනැංවීම සහ වෙළඳාම ශක්තිමත් කිරීමයි.
කැනඩාව එක්සත් ජනපදය සමඟ පළුදු වූ සබඳතාවල බලපෑමට එරෙහිව සටන් කිරීම සහ ඉන්දියාව, චීනය සහ මැද පෙරදිග රටවල් සමඟ සබඳතා ගැඹුරු කිරීම අරමුණු කර ගෙන ඇත.
මුම්බායි වෙත පැමිණීමෙන් පසු, ඔහු නවදිල්ලියට යාමට පෙර ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව හමුවී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන අතර එහිදී ඔහු හෙට අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිත බව AFP වාර්තා කරයි.
ව්‍යාපාරික නායකයින් මෙම සංචාරය සංකේතවාදයට වඩා වෙළඳාම සහ ආයෝජන කෙරෙහි සෘජුවම අවධානය යොමු කර ඇති බව විස්තර කර ඇත.



