Published
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඒකපාර්ශ්විකව පැනවූ ගෝලීය වෙළෙඳ තීරුබදු ෆෙඩරල් නීතිය උල්ලංඝනය කිරීමක් බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත යටතේ ආනයන බදු පැනවීමට ජනාධිපතිවරයාට නීත්‍යානුකූල බලයක් නොමැති බව අධිකරණය අවධාරණය කළ බවයි.
ඒ අනුව මෙම අධිකරණ තීන්දුව ට්‍රම්ප් පාලන තන්ත්රය ලැබූ දරුණු පසුබෑමක් ලෙසයි සැලකෙන්නේ.




