Published
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ ගත් සැකකරුවෙකුට එරට අධිකරණයක් විසින් ජිවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කර තිබෙනවා.
සැකකරු විසින් 2024 වසරේ සැප්තැම්බර් මාසයේ ෆ්ලොරිඩාහි ගෝල්ෆ් පිටියේ දී එවකට ජනාධිපති අපේක්ෂකයෙකුව සිටි වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහ කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පසුව එරට ආරක්‍ෂක අංශ විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව අදාළ චෝදනාවට වරදකරු වු 59 හැවිරිදි රයන් රූත්ට එලෙස ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.



