විදේශ ණය ලබා ගත් ආකාරය සහ ඒ වෙනුවෙන් විදෙස් රටවල් හමුවේ හිස නැමූ ආකාරය සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබේ.

ඒ අනුව ඔහු පවසා ඇත්තේ විදේශ ණයක් ලබා ගැනීම නිසා පකිස්ථානයට ආත්ම ගෞරවය උකසට තැබීමට සිදුවූ බවයි.

එමෙන්ම තම හිස නමා සම්මුති ඇති කර ගැනීමට සිදු වූ බව ශ අගමැති ෂෙබාස් ෂරීෆ් පිළිගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මූල්‍ය ආධාර සඳහා මිත්‍රශීලී රටවල් වෙත ළඟා වීමේදී සිදුවූ නින්දාව පිළිබඳව ද ඔහු පිළිගෙන ඇති බවයි.

ඉකුත් දා ඉස්ලාමාබාද්හි පැවති රටේ කීර්තිමත් ව්‍යාපාරිකයන් සහ අපනයනකරුවන් වෙනුවෙන් පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේය.

පකිස්ථානය බංකොලොත්භාවය පිළිබඳ බියට මුහුණ දුන් සහ ඇතැමුන් විසින් තාක්ෂණික ණය පැහැර හැරීමේ අද්දර සිටින බව විස්තර කළ දුෂ්කර කාල පරිච්ඡේදය ද අග්‍රාමාත්‍යවරයා එහිදී සිහිපත් කළේය.

ඔහු පැවසුවේ වත්මන් පාලක පක්ෂය බලයට පත්වන විට, ආර්ථික තත්ත්වය අතිශයින් බිඳෙන සුළු වූ අතර, සාමාන්‍ය ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටි බවයි.

2023 දී පැරිසියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂවරයා සමඟ පැවති රැස්වීම පිළිබඳව ද පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා එහිදී සිහිපත් කර තිබේ.

කෙසේ වෙතත්, ඔහු පැවසුවේ මිත්‍රශීලී රටවලින් ණය ඉල්ලා සිටියදී එම රටවල් කලකිරීමට පත් නොකළ නමුත් ණයක් ලබා ගැනීමට හිස නැමීමට සිදුවූ බවයි.