තායිලන්තයේ අගමැතිනි පේටොංටාර්න් ෂිනවත්‍රාගේ වැඩ තහනම් කර තිබෙනවා.
ඒ, එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින්.
මීට හේතු වී ඇත්තේ ඇය විසින් හිටපු කාම්බෝජ නායක හුන් සෙන් සමඟ කළ දුරකථන සංවාදයක්.
මේ හේතුවෙන් ඇයට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට දැඩි පීඩනයක් එල්ල වෙමින් තිබෙනවා.
එවන් පසුබිමකයි තායිලන්තයේ අගමැතිනියගේ වැඩ තහනම් කර ඇත්තේ.
ඇය විසින් හිටපු කාම්බෝජ නායකයාව එම දුරකථන සංවාදයේදී “මාමා” ලෙස හඳුන්වා ඇති අතර තායි හමුදා අණ දෙන නිලධාරියෙකු විවේචනය කර තිබුණා.
මෙම දුරකථන සංවාදය පසුව මාධ්‍ය වෙත රහසිතගව නිකුත් වී තිබුණු අතර ඊට ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.
පසුව ඇය සේවයෙන් පහ කිරීම සඳහා පෙත්සමක් ඉදිරිපත් වූ අතර මේ වන විට එය අධිකරණය හමුවේ සලකා බලමින් සිටිනවා.
පේටොංටාර්න් ෂිනවත්‍රා යනු පසුගිය දශක දෙක පුරා තායිලන්ත දේශපාලනයේ ආධිපත්‍යය දැරූ බලවත් ෂිනවත්‍රා වංශයේ වත්මන් පුරුකයි.
ඇයට ද සිය ධූර කාලය සම්පූර්ණ කිරීමට නොහැකි වුවහොත් ෂිනවත්‍රා පාලනයේ තුන්වැන්නා ලෙස ධුර කාලය සම්පූර්ණ කිරීමට පෙර බලය අහිමි වනු ඇති.
තායිලන්තයේ අගමැතිනි පේටොංටාර්න් ෂිනවත්‍රාගේ වැඩ තහනම් කිරීමත් සමඟ නියෝජ්‍ය අගමැතිනිය එරට වැඩබලන නායිකාව ලෙස කටයුතු කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එම දුරකථන සංවාදය සම්බන්ධයෙන් අගමැතිනිය අද නැවත වරක් සමාව අයැද සිටියා.
එම දුරකථන ඇමතුමේ අරමුණ “සියයට 100 කටත් වඩා රට වෙනුවෙන්” බවයි ඇය එහිදී පැවසුවේ.
තායිලන්තයේ සහ කාම්බෝජය අතර දේශසීමා ආරවුලක් පවතින්නේ කලක සිටයි.
දශක ගණනාවක් පැරණි මෙම අර්බුදය මැයි අග භාගයේ සිට යළි උත්සන්න වූයේ කාම්බෝජ සොල්දාදුවෙකු ඝාතනය කිරීමෙන් පසුවයි.