හෝමූස් සමුද්‍ර සන්ධිය සුරක්‍ෂිත කිරීමට මිත්‍ර පාක්‍ෂික රටවල් සහාය නොදුනහොත් නේටෝ සංවිධානය ඉතා නරක අනාගතයකට මුහුණ දෙනු ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.
ඒ, හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබදව මතුව ඇති ගැටළුකාරී තත්ත්වයන් විසදා ගැනීම සදහා මැදිහත් වන ලෙස යුරෝපීය ජාතියට දැඩි පණිවිඩයක් ලබාදෙමින්.
හෝමූස් සමුද්‍ර සන්ධියේ ප්‍රතිලාභී වන පුද්ගලයින් එහි නරක කිසිවක් සිදු නොවන බවට වගබලා ගැනීමට උදච් කිරිම සුදුසු බවයි අමෙරිකානු ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ.
ඒ සදහා ප්‍රතිචාරයක් නොමැති නම් හෝ එය නික්‍ෂේදාත්මක ප්‍රතිචාරයක් නම් එම තත්ත්වය නේටෝවේ අනාගතයට ඉතා නරක වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබෙනවා.
අමෙරිකානු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත්තේ චීනය, ප්‍රංශය, ජපානය, දකුණු කොරියාව සහ එක්සත් රාජධානිය හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කර ගැනීම සදහා කණ්ඩායමක් ලෙස එක්ව උත්සාහ කරන ලෙස එම රටවලින් ඉල්ලා සිටීමෙන් දිනකට පසුවයි.
මේ අතර ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධියට ආරක්‍ෂාවීමට ප්‍රවේශවීමට කැමති රටවල් සමග සාකච්ඡා පැවැත්වීමට සූදානම් බවයි.
ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහනය කෙරෙන ජල මාර්ගය ලෙස සැලකෙන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගෝලීය තෙල් සැපයුම්වලින් සියයට 20ක පමණ ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙනවා.
අමෙරිකාව සහ ඊශ්‍රායලය සිය රටට එරෙහිව යුද්ධයක් ආරම්භ කිරීමත් සමග හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගැනීමත් සමග මේ වනවිට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 105 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්.




