ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන්ගේ ඉන්දීය සංචාරයක් පිළිබඳ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර තිබේ.
එහි දැක්වෙන්නේ ප්‍රංශ ජනාධිපතිවරයා දින තුනක නිල සංචාරයක් සඳහා එළඹෙන සතියේදී ඉන්දියාවට පැමිණීමට නියමිත බවයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයෙන් ප්‍රංශ ජනාධිපතිවරයා එළඹෙන 17 වන දින ඉන්දියාවට පැමිණෙන අතර 19 දක්වා එහි රැඳී සිටින බව ද ඉන්දීය විදේශ අමාත්‍යංශය නිවේදනය කර ඇත.
2024 ජනවාරි මාසයේ වාර්ෂික ජනරජ දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමෙන් පසු මැක්රොන්ගේ පළමු ඉන්දීය සංචාරය මෙය වනු ඇත.
“2047 ක්ෂිතිජ මාර්ග සිතියමේ දක්වා ඇති පරිදි පුළුල් පරාසයක ක්ෂේත්‍ර හරහා ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව නායකයින් දෙදෙනාම සාකච්ඡා පවත්වනු ඇත. ඊට අමතරව, ඉන්දු-පැසිෆික් කලාපයේ සහයෝගීතාව ඇතුළුව අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ ගෝලීය ගැටළු නායකයින් සාකච්ඡා කරනු ඇත,” යනුවෙන් ප්‍රංශ ජනාධිපතිවරයාගේ සංචාරය නිවේදනය කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.
"ඉන්දු - ප්‍රංශ නවෝත්පාදන වර්ෂය ඒකාබද්ධව ආරම්භ කිරීම සඳහා නායකයින් දෙදෙනා මුම්බායි වෙත පැමිණෙනු ඇත. පෙබරවාරි 19 වන දින ජනාධිපති මැක්රොන් නවදිල්ලියේ පැවැත්වෙන AI බලපෑම් සමුළුවට සහභාගී වනු ඇත," එහි වැඩිදුරටත් සඳහන් විය.



