Published
බංග්ලාදේශ හිටපු අග්රාමාත්යවරියක් වන බෙගම් කලීඩා ෂියා මහත්මිය අභාවප්රාප්ත වී තිබෙනවා.
ඒ, ඩකා හි රෝහලක ප්රතිකාර ලබමින් සිටියදීයි. බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ නායිකාව වන ඇය මියයන විට 80වන වියේ පසුවුණා.
1991 වසරේ පැවති බංග්ලාදේශ ජාතික මැතිවරණය ජය ගනිමින් පළමු වරට අග්රාමාත්ය ධුරයට පත්වූ ඇය තුන් වතාවක් බංග්ලාදේශයේ අග්රාමාත්ය ධුරය හොබවා තිබෙනවා.
අවසන් වරට ඇය අග්රාමාත්ය ධුරය දරනු ලැබුවේ 2001 වසරේ සිට 2006 වසර දක්වා කාලය තුළයි.




